
ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වනු ලබයි.
මෑත වර්ෂවල දී එම උත්සවය විදේශයන්හි දී ද පවත්වා ඇති අතර 2024 වර්ෂයේ ජාත්‍යන්තර ශ්‍රීමත් භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය මත එම උත්සවය මාර්තු 1 දින සිට 3 වැනිදා දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවැත්වෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval