
බම්බලපිටිය ෆරිඞ් පෙදෙසේ පැරැණි තෙමහල් නිවෙසකට ඉබි යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරු දෙදෙනෙක් බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනකු බව
පොලිසිය කියයි.තම නිවෙසේ ඉබියතුරු කඩා හිමිවරුන් තිදෙනකු, තවත් පුද්ගලයකු බලෙන් රැඳී සිටින බවට නිවෙසේ හිමිකාරිය බව කියන කාන්තාවක කළ පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් මෙම හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. හිමිවරු දෙදෙනා 20 හා 14 වයස්වල පසුවන්නෝ වෙති.මෙම නිවෙස එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනකුට අයිති බව පැවැසෙන අතර හිමිනමක විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්‍රයකින් එහි කොටසක් පවරා දුන් හෙයින් හිමිකාරීත්වය ඇති බව පවසා එම හිමිවරුන් නිවෙසට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.එම නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් හිමිනමක සහ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බිමල් ශශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval