
2023 අ.පො.ස. (උ.පෙළ) උත්තර පත්‍ර ඇගයීම් සඳහා පසුගිය වර්ෂයේ දී ලබාදුන් දීමනාව වන රු.2,000/- ක සංයුක්ත දීමනාව මෙවර ද ලබාදීමට කටයුතු කරනු ලබන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මේ පිළිබඳව විභාග කොමසාරිස්තුමා විසින් සියලු ඇගයීම් මධ්‍යස්ථානවල පරීක්ෂකවරුන් දැනුවත් කර ඇතැයිද සඳහන්වේ.
මේ අනුව රුපියල් 2000 දීමනාව නැතිව උත්තර පත්තර බලන්නට බැරි යයි ගුරුවරුන් එම රාජකාරී වලින් ඉවත්ව සිදුකළ වර්ජනය අවසන් වනු ඇතැයි වාර්තාවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval