
ආදුරුප්පුවීදිය ඊන්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන් දෙදෙනකුට හා පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටිය දී උග්‍ර වස වර්ගයක් මිශ්‍රකර කිරි තේ දුන් ආගන්තුක පුද්ගලයා සීසීටීවී දර්ශන මගින් නිශ්චිත ලෙස හදුනාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.එම කිරි තේ පානය කිරීමෙන් අනතුරුව රෝගී වූයේ සේරුනුවර පදිංචි චමිඳු දර්ශන (27) හා ප්‍රනාන්දු (29) යන දෙදෙනායි. එම සිද්ධිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමක් සී.සී.ටී.වී. දර්ශනවල සිටින පුද්ගලයා සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප එකිනෙක සැසඳීමෙන් අනතුරුව සැකකරුව හඳුනාගෙන ඇත.
මද වේලාවක දී එක් සැකකරුවෙකු කිරි පැකට්ටුවක් පානය කිරීමත් සමගම සිරමැදිරිය තුළ එකවරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර සුළු වේලාවක් ගත වීමත් සමගම අනෙක් සැකකරුද ඒ අයුරින්ම සිරමැදිය තුළ ඇද වැටීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඔවුන් දෙදෙනාටම මූලික ප්‍රතිකාර ලබා දී දැඩිසත්කාර ඒකකයට යොමු කර තිබිණි.මේ වන විට එම සැකකරුවන් දෙදෙනා සුවය ලබා ඇති බවත් බොහෝවිට වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සාමාන්‍ය වාට්ටුවලට මාරු කිරීමට හැකියාව ඇති බවත් පොලිස් නිලධාරියෝ පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval