
“යුක්තිය” මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දන මෙහෙයුමේ නිරත පොලිස් කණ්ඩායම් ඉකුත් සති දෙකේදී දිවයින පුරා කළ මෙහෙයුම්වලින් රුපියල් කෝටි 86 කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එසේම මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයාගත් රුපියල් කෝටි 56 කට වැඩි වටිනා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය බාරයට ගෙන අධිකරණය මාර්ගයෙන් තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව ද එම අමාත්‍යංශය කියයි.
මෙම මෙහෙයුම්වලදී ඉකුත් සති දෙකේදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 20,797 කි. ඉන් සැකකරුවන් 1018 ක් සම්බන්ධව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය පවසයි.
එමෙන්ම සැකකරුවන් 189 දෙනකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් 1298 දෙනකු පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 4584 දෙනාගෙන් 1625 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය තොරතුරු සම්බන්ධයෙන් පොලිසියට පසුගිය දිනවල ඇමතුම් 10798 ක් ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙක් කීය.
ගයාන් සූරියආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval