
රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.මෙවර මහ කන්නයේ වගා සඳහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වන විට රටට ගෙන්වා ඇත්තේ පැරැණි මිල ගණන්වලට බව කී අමාත්‍යවරයා, ඒ සඳහා වැට් බදු අය කර නැති හෙයින්, දැනට අලෙවි කරන යූරියා, එපී සහ ටීඑස්පී වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොවන බව ද සඳහන් කළේය.
කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ පොහොර අලෙවි කළහොත්, ඔවුන්ගෙන් බිල්පතක් ගෙන, එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන්නැයි ඉල්ලා සිටින අමාත්‍යවරයා, එම වෙළෙඳුන්ට එරෙහිව නීති පියවර ගන්නා බව ද කීය.යල කන්නයේදී පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බව ද මහින්ද අමරවීර මහතා පැවැසීය.කෘමි නාශක හා වල් නාශක මිල ඉහළ යෑම පාලනයට රජයේ පොහොර සමාගම් දෙක අවම මිලක් යටතේ පළිබෝධ නාශක අලෙවි කිරිම ආරම්භ කරන බව කී අමාත්‍යවරයා, ඒ අනුව ඉදිරියේදී පළිබෝධ නාශක හිතුමතේ අලෙවි කිරීම නැවැත්වීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval