
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි ලෙස ඉටුවන්නේ දැයි සොයා බලා එම කරුණු නිසි ලෙස ඉටු කිරීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත පවරා තිබේ.
මෙරට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පසුගියදා පැවැති හමුවකදී මෙම තීරණයට එළැඹ ඇත. රාජ්‍යයේ නාස්තිය, වංචාව, දූෂණය නතර කිරීම මූල්‍ය අරමුදල ආණ්ඩුවට පැවරූ ප්‍රධාන කාර්යභාරය වේ. මූල්‍ය අරමුදලේ මෙම අරමුණු සහ එකගතා ඉටුවේදැයි සලකා බැලෙන දෙවැනි සමාලෝචනය මාර්තු මාසයේදී සිදු කිරීමෙන් අනතුරුව තුන්වෙනි වාරිකය නිදහස් කිරීමට නියමිතය.
එමෙන්ම දෙවැනි සමාලෝචනය වන තුරු මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුවේදැයි සොයා බැලීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට පැවරීමට ද මූල්‍ය අරමුදලේ දූත පිරිස තීන්දු කර තිබේ. ඒ අනුව සාගල රත්නායක මහතා දෙවැනි සමාලෝචනයේදී මූල්‍ය අරමුදල ලංකාවෙන් බලාපොරොත්තු වන කාරණා සම්බන්ධයෙන් වගකීම් දරන්නා ලෙස ද කටයුතු කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval