
සිය නෙදර්ලන්ත ජාතික පෙම්වතා සමඟ ඉකුත් තිස්එක් වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ස්විට්සර්ලන්ත ජාතික
තරුණියක ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතර වී සිටියදී හදිසියේ රෝගාතුර වී මිය ගොස් ඇතැයි ඇල්ල
පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ස්විට්සර්ලන්ත ජාතික එලීනා ටනර් (28) නමැති තරුණියකි.
ඇය සහ පෙම්වතා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවර සහ නුවර එළිය ප්‍රදේශයේ සංචාරය කර ඇල්ල ප්‍රදේශයකට පැමිණ ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නතර වී ආහාර ගැනීමෙන් පසු හදිසියේ රෝගාතුර වී දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.
මිය ගිය තරුණියගේ මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (08) බදුල්ල ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේගුණවර්ධන, පො.ප. එච්.පී. පාලිත යන මහත්වරුන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
බඩල්කුඹුර රවිඳු ගුණ තිලක
Comments
Post a Comment
Your comment will be visible after approval