
ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ එකම දියණිය වන අයිකෝ කුමරිය වෙත ජපාන රතු කුරස සංවිධානයේ රැකියාවක් හිමිව ඇතැයි වාර්තාවෙයි. ඇය ලබා ගැනීමට නියමිතව ඇති උපාධියත් සමගින්ම මෙම රැකියාව හිමිව තිබේ. ඒ අනුව ලබන අප්‍රේල් මාසයේ පටන් ඇය මෙම රැකියාවට යොමු වනු ඇතැයි සඳහන් වෙයි. ඇය මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවෙයි. රැකියාවක නිරත වුවද ඇය සිය රාජකීය පවුලේ නිල රාජකාරී වෙත යොමු වනු ඇතැයි වාර්තා පවසා සිටියි.
නව රැකියාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අයිකෝ කුමරිය, රතු කුරස සංවිධානයේ රැකියාවක් කිරීම සම්බන්ධයෙන් තමන් සැමවිටම කැමැත්තෙන් සිටි බව පවසා තිබේ. එසේම කුමරියට පහසු ආකාරයෙන් මෙම රැකියාවේ නිරතවීමේ අවස්ථාව සැලසීමටද රතු කුරුස සංවිධානය පියවර ගන්නා බව පැවසෙයි.
අයිකෝ කුමරිය මේ වනවිට එරට ගකුෂුයින් විශ්වවිද්‍යාලයේ ලියවිලි, ජපාන භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවක ලෙස කටයුතු කරයි.
ජපාන සමාජය තුළ අද වනවිට ඇය පිළිබඳව ඉහළ පිළිගැනීමක් පවතින අතර, ඇගේ මෙම නව රාජකාරිය සම්බන්ධයෙන්ද ඔවුන් සතුටට පත්ව සිටින බව පැවසෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval