
පෙම්වතිය බව කියන 23 හැවිරිදි තරුණිය වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලකට රැගෙන ගොස් බීර පානය කිරීමට සලස්වා වෙරි වූ පසු දූෂණය කර නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගත්තේ යැයි කියන ඇයගේ පෙම්වතා බව පැවසෙන 29 හැවිරිදි තරුණයෙක් ගම්පහ හුංගමුව පොලිසිය විසින් ඊයේ (15) අඩංගුවට ගනු ලැබීය.
මෙසේ ලබාගත් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර තමාට බලපෑම් කරන බව කියමින් එම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත. තරුණිය කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකාර තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.මෙම තරුණිය මුලින්ම ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන තරුණයා විදෙස්ගත වීමෙන් පසු ඇය නිවස අසල පදිංචි මෙම සැකකාර තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.දූෂණයට ලක් වූයේ යැයි කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval