
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකතන සම්බන්ධතා පවත්වමින් විවිධ වරදාන, වරප්‍රසාද ලබාගත්තේ යැයි කියන පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ ව්මර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත විශේෂ විමර්ශන ඒකකය එම විමර්ශන ආරම්භ කර ඇත. එලෙස චෝදනා එල්ලවී සිටින බහුතරයක් දකුණු පළාතේ විවිධ ශ්‍රේණිවලට අයත් පොලිස් නිලධාරීහු වෙති. හරක් කටා පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී මේ බව අනාවරණය වුවත් ඒ පිළිබඳ නිසි විමර්ශනයක් නොවීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ දැඩි අවධානය යොමුවිය. අනතුරුව එම නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙසට උපදෙස් දී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය. හරක් කටා විදේශගතව සිටියදී හා අත්අඩංගුවට පත්ව සිටියදී එම පොලිස් නිලධාරීන් විවිධ වරදාන වරප්‍රසාද ලබාගෙන ඔහු මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලය සමඟද ඍජු හෝ වක්‍රාකාරයෙන් සබඳතා ගැන විශේෂ විමර්ශන පැවැත්වූවාද යන්න
ඒකකයේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත.
චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් වෙනත් පුද්ගලයන්ගේ නමින් මිලදී ගෙන ඇතැයි කියන ඉඩකඩම් යාන වාහන ආදී වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන අරඹා ඇත. අනපේක්ෂිත ලෙස හරක් කටා පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟම ඇතැම් පොලිස් නිලධාරීන් සේවා කාලය සම්පූර්ණවීමටත් පෙර විවිධ හේතූන් ගෙනහැර පාමින් සිය කැමැත්තෙන් දුෂ්කර ප්‍රදේශවලට ස්ථාන මාරුවීම් ලබාගෙන පිටව ගොස් ඇති බවද ආරංචිමාර්ග සඳහන් කළේය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval