
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබෙයි.
ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මතයි.
කෙසේ වෙතත්, ඔහුට විදේශ ගමන් තවදුරටත් තහනම් බව සඳහන් වෙයි.
මතභේදයට තුඩු දෙන ප්‍රකාශ සිදු කළ බවට චෝදනා එල්ල වූ දේවගැතිවරයා ගිය වසරේ මැයි මාසයේදී පිරී ඉතිරී ගිය සභාවක් ඉදිරියේ බුදු රජාණන් වහන්සේ ගැන මෙන්ම ඉස්ලාම් සහ හින්දු ආගම පිළිබඳ අවමන් සහගත ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval