
පසුගිය වසර තුළදී ඩෙංගු රෝගීන් 88,398ක් වාර්තා වී තිබෙන අතර, ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 57ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පසුගිය දෙසැම්බර් මාසය තුළදී ඩෙංගු රෝගීන් 11,910ක් වාර්තා වී තිබෙන අතර, එය එම වසරේ මාසයක කාලයක් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වූ මාසයයි.
මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බලප්‍රදේශ 71ක ඩෙංගු අවදානම් මට්ටමින් පැතිර යමින් තිබෙන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පසුගිය නොවැම්බර් මාසය තුළදී ඩෙංගු රෝගීන් 7,995ක් වාර්තා වී තිබෙන අතර, ඔක්තෝබර් මාසය තුළදී ඩෙංගු රෝගීන් 4,010ක් වාර්තා වී ඇත.
පසුගිය සැප්තැම්බර් මාසය තුළදී ඩෙංගු රෝගීන් 2,605ක් වාර්තා වී තිබෙන අතර, අගෝස්තු මාසයේදී රෝගීන් 5,189ක්, ජූලි මාසයේදී රෝගීන් 7,369ක්, ජුනි මාසයේදී රෝගීන් 9,916ක් හා මැයි මාසයේදී රෝගීන් 9,290ක් ලෙස වාර්තා වී තිබේ. අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 7,617ක් වාර්තා වන අතර, මාර්තු මාසයේදී රෝගීන් 6,419ක්, පෙබරවාරි මාසයේදී රෝගීන් 6,709ක් සහ ජනවාරී මාසයේදී ඩෙංගු රෝගීන් 8,963ක් ලෙස වාර්තා වී තිබේ.
සමස්ත රෝගීන් සැලකීමේදී බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 39,923ක් වාර්තා වී තිබේ. එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශයක් ලෙස 45.2%කි.
මධ්‍යම පළාතෙන් රෝගීන් 11,285ක් වාර්තා වී තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 12.8%කි. වයඹ පළාතෙන් රෝගීන් 7,683ක් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයෙන් 8.7%කි. නැගෙනහිර පළාතෙන් රෝගීන් 7,168ක් වාර්තා වන අතර එය ප්‍රතිශයක් ලෙස 8.1%කි. සබරගමුව පළාතෙන් 6,939ක ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර එය 7.8%ක ප්රතිශතයකි. උතුරු පළාත තුළින් ඩෙංගු රෝගීන් 4,945ක් වාර්තා වී තිබෙන අතර ප්රතිශතයකෙලෙස එය 5.6%කි.
මේ ආකාරයට සෑම පළාතකින්ම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
දිස්ත්‍රික්ක වශයෙන් සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,650ක් වාර්තා වී තිබේ. එය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 21.1%කි. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 16,130ක් වාර්තා වී තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 18.2%කි. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 9,190ක් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 10.4%කි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3,556ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,991ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,140ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,335ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,621ක් හා යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 4,352ක් ලෙස වාර්තා වී ඇත.
මේ ආකාරයට සෑම දිස්ත්‍රික්කයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. 2022 වසර සැලකීමේදී දෙසැම්බර් මාසය තුළදී ඩෙංගු රෝගීන් 5,075ක ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර, 2022 වසර තුළදීම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ 63,383ක් බව වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යාලේඛනවල සඳහන් වේ.
ඉන්දික හේවාවිතාරණ
Comments
Post a Comment
Your comment will be visible after approval