
රන් භාණ්ඩ වෙළෙඳසල් හිමිකරුවකු හා කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7, කිංසි පාරේ සිය නිවසේ සිටිය දී ඊයේ (3) අලුයම් කාලයේ වෙඩි වැදීමකට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවට රෝහල් පොලිසිය කුරුඳුවත්ත පොලිසියට කළ දැනුම් දීමක් අනුව එහි නිලධාරීහු කණ්ඩායමක් ඊයේ රෝහලට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.
සිය නිවසේ 9 එම්.එම්. වර්ගයේ පිස්තෝල අවි දෙකක් සහ බෝර 12 වර්ගයේ විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් තිබෙන බවත්, ඒවා සියල්ලටම නීත්‍යනුකූල බලපත්‍ර තිබෙන බවත් ව්‍යාපාරිකයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවිණි යැයි ද පොලිසිය සඳහන් කරයි.වෙඩි තැබීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබා ගැනීමට යාමට නියමිතව තිබූ නිසා පිස්තෝල අවිය රැගෙන එය පිරිසිදු කිරීමට යෑමේ දී එම අවිය ක්‍රියාත්මක වූ බව ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇතැයි වාර්තා වේ.
එහිදී නිකුත් වූ උණ්ඩයකින් තමාගේ එක් අතක අල්ලට සහ වැලමිට ප්‍රදේශයට තුවාල සිදුවූ බව ඔහු පවසන්නේ යැයි පොලිසිය කියයි. තුවාල ලැබීමෙන් පසු තමා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බව ද ඔහු පවසා ඇතැයි පොලිසිය කියයි. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval