Women-take-lead-India-Republic-Day-parade

2024 ජනවාරි 26 වන දින නවදිල්ලියේ පැවති ඉන්දියාවේ 75 වන ජනරජ දින පෙළපාලිය ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් විශේෂ අමුත්තෙකු ලෙස සහභාගී කරවාගනිමින් පැවැත්වූ අතර කාන්තාවන් පෙරමුණේ තබා පැවැත්වූ බව වාර්තා විය.
වසර 75 කට පෙර ඉන්දියාව ස්වෛරී ජනරජයක් බවට පත් කරමින් එහි ව්‍යවස්ථාව නිල වශයෙන් සම්මත කර ගැනීමේ සංවත්සරය සනිටුහන් කරන්නට මෙය පැවැත්විණි.
දිල්ලි අගනුවර පැවති පෙළපාලිය, නගරයේ වැදගත් ස්ථාන රැසක් සම්බන්ධ කරන, කලින් රාජ්පාත් ලෙසින් හැඳින්වූ කාර්තව්‍ය මාවත (රාජකාරී මාවත) හරහා ගමන් කළේය.

එය කිලෝමීටර 7ක් (සැතපුම් 4.3ක් දුරින්) 7 වැනි සියවසේ ස්මාරකයක් වන රතු බලකොටුවෙන් අවසන් විය.
පෙළපාලියේ කොටසකින් සිදුවූයේ රටේ සංස්කෘතික උරුමයන් මෙන්ම එහි හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමකි.
ප්‍රථම වතාවට යුද, ගුවන් හා නාවික හමුදාවේ සියලුම කාන්තා බළකායක් ද පෙළපාලියේ ගමන් කළහ.
ප්‍රථම වරට ත්‍රිවිධ හමුදාවේ සහ පැරාමිලිටරි භට කණ්ඩායම් කිහිපයක් කාන්තාවන් විසින් මෙහෙයවන ලදී.මෙවර ප්‍රථම වතාවට ප්‍රංශ හමුදා කණ්ඩායමක්ද ඉන්දියානු හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පැරාමිලිටරි භටයන් සමඟ එක්ව ගමන් කළහ.
පෙළපාලිය සඳහා තේමා වූයේ 'Viksit Bharat' (සංවර්ධිත ඉන්දියාව)  යන්නයි.