
මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක් වාර්තාවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මීට පෙර එනම් පසුගිය 12 වනදා එහි දෙවන කොටස අවලංගු කළේය.
අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 08 වනදා පැවති එම ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ද අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.
ඒ අනුව මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වෙයි.
එහි පළමු කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval