
පළමු ප්‍රශ්න පත්‍රය ද පිටවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත දන්වා ඇත.
කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 න් 16 ක් ඡායාරූප ගෙන බෙදාහැර ඇති බව ද
එහිදී වැඩි දුරටත් අනාවරණය වී ඇත.
ඒ අනුව මෙවර අ.පො.ස. පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු හා දෙවන ප්‍රශ්න පත්‍ර දෙකම නැවත පැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුව ඇත.
දෙවන ප්‍රශ්න පත්‍රය ලබන පෙබරවාරි මස පළමු වැනිදා (1) පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි මින් පෙර දන්වා තිබූ අතර පළමුවැන්න නැවත පවත්වනවාද යන්න ගැන තවම දන්වා නැත.
විභාග දෙපාර්තමේන්තුව ඉකුත්දා අවලංගු කළ කෘෂි විද්‍යා දෙවන පත්‍රය අම්පාර ඩීඑස් සේනානායක විද්‍යාලයේ ගුරුවරයෙකු විසින් කාන්දු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval