
සෑම වසරකම ප්‍රකට පුද්ගලයින් යොදා ලබාගන්නා ඡායාරූප සමග එළිදක්වන Raffealla ගේ කැලැන්ඩරයේ මෙවර විශේෂතා කිහිපයක් එක්ව තිබේ.
මියගිය කලාකරු ජැක්සන් ඇන්තනිට උපහාර පිණිස කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් තැනූ ඡායාරූප දෙකක්ද මෙයට එක්කර ඇති අතර Raffealla ගේ සංකල්පයට අනුව අංජන ගජනායක එය නිර්මාණය කර ඇත. එසේම ඌරු වරිගේ වන්නිල ඇත්තන්ටද උපහාර පිණිස ඡායාරූප දෙකක් මෙවර එක්කර තිබේ. ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නටද මෙවර ඉඩක් වෙන්ව තිබේ. ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධිද මෙවර එක්ව තිබේ.
අභිෂේකා විමලවීර,චන්න පෙරේරා,හිරුෂි ජයසේන,රයිනි චාරුකා, රශි ප්‍රභා සංදීපනී,නදීෂා හේමමාලි,දිනර පුංචිහේවා,දිනක්ෂි ප්‍රියසාද්, ADK,රොෂාන් රණවන සමග සචිනි අයේන්ද්‍රා,උදාරි වර්ණකුලසූරිය,සංගීතා වීරරත්න,අර්ජුන්,රවීන් කණිෂ්ක,ජනිත් වික්‍රමගේ, චන්න පෙරේරා. දිනේෂ් ගමගේ,සුපුන් පෙරේරා,සහ සමනලී ෆොන්සේකා මෙවර දින දසුන සඳහා එක්වී ඇති සෙසු අයයි.
ඡායාරූප ශිල්පී - Raffealla Fernando සියල්ල ඡායාරූප ගත කර ඇති අතර පශ්චාත් නිෂ්පාදනය - දිල්ෂ් සිදුකර තිබේ.



Comments
Post a Comment
Your comment will be visible after approval