
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවනු ලැබ සිටි කාන්තාවක හදිසියේ රෝගාතුර වී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (12) මියගොස් ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සදහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ වත්තල, තෙලඟපාත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි.ව
ැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවනු ලැබ සිටි සැකකාර කාන්තාව පසුගිය 11 වැනිදා හදිසියේ රෝගාතුර වී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පෙරේදා මියගිය බව බන්ධනාගාරයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි කියමින් සැකකාරියට එරෙහිව නඩුවක් කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින බව ද එම නිලධාරියා කීය.
සැකකාර කාන්තාව මියයෑම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් බොරැල්ල පොලිසියට ද දැනුම් දී ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval