vinu-siriwardane-angara-dangara-malcom-ranjith

 අගරදගුරු මැල්කම් රංජිත් දේවගැතිතුමන්ගේ දේව මෙහෙයක් අද (24) රාත්‍රී පැවැත්වෙන බවට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ  එහි වැඩසටහනකදී නිවේදනය කළ විනූ සිරිවර්ධන නමැති නිවේදිකාව අගරදගුරු මැල්කම් රංජිත් දේවගැතිතුමන්ගේ නාමය දෝෂ සහගතව උච්චාරණය කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව තිබේ.


අද (24) උදෑසන11.53 ට පමණ මෙම නිවේදනය ප්‍රචාරය වූ අතර ඇය සිය ගීත ඉදිරිපත් කරන වැඩසටහන අතරතුර පණිවිඩය සඳහන් දුරකථන තිරය අපහසුවෙන් කියවමින් මෙම වැරදි උච්චාරණය සිදු කළාය.
ඇය මෙසේ කීවාය.
“ඔබට ආරාධනා කරනවා අද රාත්‍රිෙය්දී සජීවීව එකතුවෙන්නට හැකියාවක් තියනවා නත්තල් දේව මෙහෙයක් සමගින්.
අගර දඟර වූ අතිඋතුම් මැල්කම් රජ්.. අ..අතිගුරු.. අතිඋතුම් මැල්කම්..රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්“

මෙම දෝෂය සම්බන්ධ එම මොහොතේ ඇය සමාව භජනය නොකළ නමුත් දෙතුන් වර කියවා අවසානයේ අගරදගුරු වචනය නොමැතිව දේවගැතිතුමන්ගේ නම නිවැරදිව උච්චාරණය කර දෝෂය සැකසුවාය.
ටෙලිනාට්‍ය නිළියකද වන විනූ සිරිවර්ධන දිගු කලක් තිස්සේ ස්වර්ණවාහිනී නාලිකාවේ ගීත ඉල්ලීම් වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටින්නියකි.
වීඩීයෝව පහතින්