
ශ්‍රීලංකාවට ආවේණික වූ සිලොනිටර්මෙලාස් හන්තානේ නමැති වේයන් විශේෂය වසර සීයකට පමණ පසු නැවත හන්තාන කදු ආශ්‍රිතව සොයාගත් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පර්යේෂක කණ්ඩායම් ප්‍රධානී ආචාර්ය ඉරෝෂණී හේමචන්දු මහත්මිය පැවසුවාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ති එදිරිසිංහ මහත්මිය යටතේ කළ එම අධ්‍යයනයේදී සොයාගත් මෙම වේයන්ගේ විශේෂ ගණය මුහුදු මට්ටමේ සිට මීටර් 1000කට ඉහළ උප කඳුකර වනාන්තර ප්‍රදේශය ආශ්‍රිතව සිටියදී හමුවූ බවද ආචාර්ය ඉරෝෂණී හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.පාංශු පෝෂණය කිරීම සඳහා සුවිශාල මෙහෙයක් කරන ශ්‍රී ලංකාවට ආවේනික මෙම වේයන් විශේෂය පාංශු කාබනික ද්‍රව්‍ය අනුභව කරමින් පොළොව මට්ටමට ඉතා ආසන්නයේ සෙන්ටි මීටර් දෙක තුනක් යටින් තම කූඩු සාදා ජීවත්වීම ද සුවිශේෂී ලක්ෂණයක් බවද ඇය සඳහන් කළාය.
ධම්මික ගුණවර්ධන
Comments
Post a Comment
Your comment will be visible after approval