
පාතාල නායකයකුව සිටි සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා රුපියල් ලක්ෂ 3කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. සැකකරු සතුව තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය මිලිගෑම් 14770ක් බව පොලිසිය කියයි.
බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආර්.එම්.එන්.එච්. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් බොරැල්ල පොලිස් වසමේ සංචාරයේ යෙදී සිටියදී සැකකරු බොරැල්ල මතා පාර දුම්රිය මාර්ගය අසලදී පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබීඅයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුව හමුවූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිට ඇප මත සිටින්නකු බවත් පොලිසිය සඳහන් කරයි. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. ඒ. සි. එස්. සිල්වා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආර්. එම්. එන්. එච්. වික්‍රමරත්න මහත්වරු පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම - බිමල් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval