
ගම්පහ ශ්‍රී බෝධි පාරේ පිහිටි සණස මහල් නිවාස සංකීර්ණයෙහි 16 වැනිදා රාත්‍රී සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියා, මුර කුටිය තුළදී මිය ගොස් ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ වතුරුගම, බටේපොල පදිංචිව සිටි වික්‍රමආරච්චිගේ උපුල් පත්මසිරි නමැති 60 හැවිරිදි අයෙකි.
ආරක්ෂක නිලධාරියා මුර කුටිය තුළ මියගොස් බිම ඇදවැටී සිටින බවට ඊයේ උදෑසන පොලීසියට දුරකථන ඇමතුමක් ලැබුණු බව පොලීසිය පවසයි. මෙම මරණය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරීක්ෂක මොහාන් සිල්වා මහතාගෙන් කළ විමසීමේදී සඳහන් කර සිටියේ, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පියවර ගෙන ඇති බවය.
තිලකරත්න දිසානායක
Comments
Post a Comment
Your comment will be visible after approval