
සමස්ත රට පුරාම ඊයේ (9) පස්වරුවේ පැය 5 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීම පිළිබඳව විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්‍ෂණයක පවත්වන බවත් ඒ සඳහා පසුව පරීක්‍ෂණ මණ්ඩලයක් ඉදිරියේදී පත්කරනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (10) පෙරවරුවේ පැවසීය.
කොත්මලේ සිට බියගම දක්වා දිවෙන අධි බලැති සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අකුණක් පතිත වීමෙන් විදුලිය සැපයුම් පද්ධතිය අක්‍රීය වී ඇති බවට මෙතෙක් කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා කෙසේ වෙතත් මෙවැනි බිඳවැටීමක් පිළිබදව විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
(යොහාන් භාසුර)
Comments
Post a Comment
Your comment will be visible after approval