
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ප්ලාස්ටික් පිස්තෝලයක් එල්ල කර කොල්ලකෑමට සූදානමින් සිටි සිවුදෙනකුගෙන් යුත් කල්ලියක් සහ එම මුදල් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
කල්එළිය, වැල්ලම්පිටිය, උස්වැටකෙයියාව, කොළඹ 14, සහ රත්මලාන යන ප්‍රදේශවල පදිංචි 26 - 43 වියේ පසුවන සිවුදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
මොවුන් සතුව තිබූ ප්ලාස්ටික් පිස්තෝලයක් එක් සැකකරුවෙකුගේ මුලකුරු සමග නම ලේ වර්ගය සඳහන් කර ඇති සුදු පැහැති තහඩු කැබැල්ලක් අමුණා ඇති මාලයක්, එම සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ව්‍යාජ හැඳුනුම්පත් ඡායාරූප හා විවිධ ආරක්ෂක අංශයන්හි නිල ඇඳුමින් ඇති ඡායාරූප සඳහා එම පුද්ගලයාගේ මුහුණ ඇතුළත් කර ඇති ඡායාරූප විශාල ප්‍රමාණයක් මෙන්ම, හෙරොයින් මිලිග්‍රෑම් 7370ක් සහ අනෙක් සැකකරු සැකකාරිය සමග තීරෝද රථයක් රුපියල් කෝටියකට ආසන්න මුදල් සහ හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 6497ක් පොලිස් භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකාය සිදු කළ වැටලීමකට අනුව සේදවත්ත, තොටළඟ ප්‍රදේශයේ යතුරුපැදි සංචාරයේ යෙදී සිටියදී නව කැලණි ගුවන්පාලම යටදී සැකකටයුතු යතුරුපැදි දෙකක් පරික්ෂා කිරීමෙන් පසු සැකකරුවන් සිවුදෙනකු සෙල්ලම් පිස්තෝලයක් හා සෙසු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරට අනුයුක්ත ඩී කලාප කණ්ඩායමේ පොලිස් පරීක්ෂක ඒම්.ඩි.ටි. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබිණි.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval