
වසර 2020 ඔස්කාර් සම්මාන හතරකින් පිදුම් ලැබූ ‘පැරසයිට්‘ චිත්‍රපටයේ රංගනයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි දකුණු කොරියානු නළු ලී සන් කියුං සියදිවි හානි කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 48 හැවිරිදි වියෙහි පසු වූ ලී සන්ගේ සිරුර මධ්‍යම සෝල් නුවර රථ ගාලක නවතා තිබූ මෝටර් රථයකින් හමු වූ බව සෝල් නුවර පොලිසිය ප්‍රකාශ කර තිබේ.
කලක් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට පත්ව සිට මේ නළුවා මිය යෑමට පෙර ලියන ලද ලිපියක් ඔහුගේ බිරිය විසින් පොලිසියට භාර දී ඇති අතර, එය සියදිවි හානි කර ගැනීම සම්බන්ධව ලියන ලද්දක් බව පොලිසිය තහවුරු කර ඇතැයි ද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval