
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා තිබූ අතර මෙවර ප්‍රතිඵල වල දිස්ත්‍රික් හා දිවයිනේ ස්ථාන නම් කිරීමක් ප්‍රතිඵල ප්‍රකාශනයේ නිරූපණය කිරීමක් සිදුවූයේ නැත.
කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර දත්ත අනුව වැඩිම ලකුණු ලාබී සාමාන්‍ය පෙළ සිසුන් ගැන අද දින අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුව හමුවේ කරුනු පැහැදිලි කලේය.
ඒ අනුව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක වැඩිම ලකුනු ලබමින් A 9 ලබාගත් බවත් යාපනයේ වෙම්බඩි උසස් බාලිකාවේ සිසුවියක දෙවැනි තැනටද කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකු තෙවැනි තැනටද පත්වූ බවත් ඔහු හෙලි කලේය.
ඒ අනුව ප්‍රථමයා මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමාධි අනුරාධා රණවක නම් සිසුවියයි.
දිවයිනේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ යාපනයේ වෙම්බඩි කාන්තා උසස් පාසලේ ඉගෙනුම ලැබූ අක්ෂියා ආනන්දා ස්වානන්ද් සිසුවියයි.
දිවයිනේ තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ හරිත මින්සදු අලහකෝන් සිසුවා
බව වාර්තා කරයි.
එසේම අධ්‍යාපන ඇමති කියා සිටියේ A 9 ලබාගත් සිසු සිසුවියන් 13588 ක් මෙවර සිටින බවයි. විභාගයට පෙනී සිටි අයගෙන් සියයට 72 ක් පමණ එනම් සිසුන් 209761 ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති අතර සියයට 28 ක් විභාගය අසමත්ව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval