
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් දස දෙනෙකු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු අද( 22) උදෑසන පත් කළ අතර ඔවුන්ගේ පත්වීම් 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.
නව අමාත්‍යංශ ලේකම්වරු 10
- වසන්තා පෙරේරා මහත්මිය- ලේකම් අධ්‍යාපන අමාත්‍යාංශය
- එම්.එන්. රණසිංහ මහතා- ලේකම්, අධිකරණ, බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
- ගුණදාස සමරසිංහ මහතා - ලේකම්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය
- A.C. මොහොමඩ් නෆීල් මහතා - ලේකම් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ
- W.P.P. යසරත්න මහතා - ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
- සමන් දර්ශන පණ්ඩිකෝරල මහතා - ලේකම්, වාරිමාර්ග අමාත්‍යාංශය
- බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා - ලේකම්, පරිසර අමාත්‍යාංශය
- ආචාර්ය සුලක්ෂ ජයවර්ධන - ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය
- ඉංජිනේරු. රංජිත් රූබසිංහ මහතා - ලේකම්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
- ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග - ලේකම්, තාක්ෂණ අමාත්‍යාංශය
පළාත් ප්‍රධාන ලේකම්වරු 02
- ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර - උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම්
- එස්.එල්.ඩී.කේ විජයසිංහ මෙනවිය - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්
Comments
Post a Comment
Your comment will be visible after approval