
දිවයින දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වූ ඉසුර ලකිත නිශ්ශංක තරුණ මහතා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 31 හැවිරිදි වියෙහි පසුවූ ඉසුර මාධ්‍යයට සම්බන්ධව සිටි අයෙකි.
කලක් ඒබීසී මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඔහු මෑත කාලීනව යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගියේය.
රමණි සේනාධීර මහත්මියගේ ආදරණීය පුතණුවන් වූ
ඉසුරට තවත් එක් සොයුරෙකු සිටියේය.
පසුගිය 21 වැනිදා සිදුවූ හදිසි අනතුරකින් අනපේක්ෂිත ලෙස ඉසුර ජීවිතය හැර ගියේය.
අභාවප්‍රාප්ත වූ ඉසුර ලකිත නිශ්ශංක තරුණ මහතාගේ දේහය මේ වන විට සපුගස්කන්ද මාකොළ දකුණ, තුරුසෙවණ පෙදෙස 198/6/ඊ දරන නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට ඉරිදා (24දා) දින සවස 03.00ට මාකොළ, නෙල්ලිගහ පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval