
මුලතිව්, වලයාන, මඩම් ප්‍රදේශයේ වළලා තිබූ ටී- 56 ගිනි අවිවලට යොදන පතුරම් 4,500 ක් පොලිසිය විසින් පෙරේදා (27) පස්වරුවේ සොයා ගනු ලැබීය. ප්‍රදේශවාසීයකු තල් ඇට සිටුවීමට පොළොව හාරද්දී පෙට්ටි කිහිපයක් දැක
නාවික හමුදා ගෝඨාභය කඳවුරට දැනුම් දී ඇත. ඒ අනුව නාවික හමුදා දැනුම්දීමක් අනුව එම පෙට්ටි පොලිස් භාරයට ගනු ලැබීය.
මේවා අලුත්ම පතුරම් විය හැකි බව පොලිසිය පවසයි. අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම පතුරම් පෙට්ටි විවෘත කර ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය. මෙම පතුරම් යුද සමයේ කොටි සංවිධානය වළදැමූ ඒවා බවට පොලිසිය සැක කරයි.
අමදෝරු අමරජීව
Comments
Post a Comment
Your comment will be visible after approval