
මාතර බන්ධනාගාරයේ රඳවා සිටි මොළයේ උණ බවට සැකකරන රැඳවියන් 16 දෙනකු ඊයේ (24දා) වනවිට මාතර මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
ඉන් රැඳවියන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවැසීය.
බන්ධනාගාර ගතව සිටින රඳවියන් සඳහා පිටතින් රැගෙන එන ආහාර ලබාගැනීම පමණක් සිදුකරන බවත් සෞඛ්‍ය අංශ උපදෙස් මත අවශ්‍ය පියවර ගන්නා බවත් දිසානායක මහතා කීය.
මොළේ උණ බවට සැකකරන බන්ධනාගාර රැඳවියෙකු මාතර රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබිණි. ඔහු 27 වැනි වියේ පසුවිය. මාතර බන්ධනාගාරයේ රැඳවියෝ 550 ක් පමණ රඳවා සිටිති. නවක රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමුකිරීමට පියවර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval