
කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් කුඩා ගඟ පිටාර තැන්නේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමඟ තවදුරටත් නිල්වලා ගඟ ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
නිල්වලා ගඟේ පානදුගම ජල මාපකයේ ජල මට්ටම තරමක් පහත බසිමින් පැවතියත් තල්ගහගොඩ මාපකයේ ජල මට්ටමේ ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.
මේ අතර කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙයි.
කෙසේවෙතත් අනෙකුත් ගංඟා ආශ්‍රිතව ගං වතුර අවදානමක් නොපවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval