
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇත.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගමටම තවත් එන්නත් වර්ග තුනක් සැපයීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපි යොමු කර ඇති බව අනාවරණය වීම ආසන්න හේතුව බව පැවසෙයි .
සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමය මෙම ලිපි ලේඛන අනාවරණය කරමින් හෙළිදරව්වක් සිදුකර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval