
ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, හමුදා උපදේශකයකු ලෙස සිරියාවේ රැඳී සිටි ඉරාන හමුදා ප්‍රධානියෙක් ජීවිතක්ෂයට පත්විය.ඊශ්‍රායල ගුවන් හමුදාව පහරදී කළ නිවේදනයක දැක්වෙයි. තම හමුදා නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නිහඬව සිටීමට අදහස් නොකරන බව ඉරානය, ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර ගැටුම් ඔඩුදුවද්දී, ඊශ්‍රායලය සිරියාවේ ඉරාන සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. ඒ, ඉරාන හිතවාදී සටන්කාමීන්, ඊශ්‍රායල ඉලක්කවලට පහර දෙන බැවිනි.ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට අවි ආයුධ සහ අවි පුහුණුව ලබා දෙන්නේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඉරාන රජය බවට චෝදනා එල්ල වී ඇත.
ඊශ්‍රායල හමුදා, ලෙබනන් දේශසීමාවේ හිස්බුල්ලා ඉලක්කවලට ද පහර දෙයි. මේ අතර, ඉරාකයේ ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් ඉරානය හිතවාදී සටන්කාමීන්, දේශසීමා හරහා රොකට් සහ මිසයිල කරයි. ඒ, ප්‍රහාර එල්ල ඊශ්‍රායල හමාස් ගැටුමේදී ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දක්වන බැවිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval