hydro-power-issue

ජල විදුලි නිෂ්පාදනය 80% සිට ඊයේ (27දා) වන විට 67, 53%ක් දක්වා පහත වැටී තිබෙන අතර, තාපබලාගාරවලින් නිෂ්පාදනය කරන විදුලිය ප්‍රමාණය 11% සිට 16.25%ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ මස 10 වැනි දින සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 80.92%ක් ජලය උපයෝගී කරගෙන නිෂ්පාදනය කර තිබෙන අතර, එදින තාපබලාගාරවලින්

නිෂ්පාදනය කළ විදුලි ප්‍රමාණය 11.6%කි.

ඉතිරි විදුලි අවශ්‍යතාව සුළං බලයෙන් හා සූර්ය බලයෙන් නිෂ්පාදනය කරගනු  ලැබිණි.

එදින පරිමාණ ජල විදුලි  බලාගාරවලින් දෛනික විදුලි අවශ්‍යතාවෙන් 69.25%ක් නිෂ්පාදනය කර තිබෙන අතර, කුඩා ජල විදුලි බලාගාරවලින් 11.67%ක් නිෂ්පාදන කර තිබේ. ඊයේ (27දා) උදේ 6.00 අවසන් වූ පැය 24ක කාලය තුළදී මහා පරිමාණ ජලාශවලින් 56.80%ක විදුලි නිෂ්පාදනයක් හා කුඩා ජල විදුලි බලාගාරවලින් 10.73%ක විදුලි නිෂ්පාදනයක් සිදුකර ඇත.

පසුගිය සති කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ බොහොමයකට තද වැසි තත්ත්වයක් පැවැති අතර, මේ අනුව එම කාලයේදී ජල විදුලි නිෂ්පාදනය 75%ත් 80%ත් අතර ප්‍රමාණයක් වී තිබිණි. තාප විදුලි නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටිණි.මේ වන විට සතිඅන්තයේ දෛනික විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය 30ත් 35ත් ප්‍රමාණයක් වන අතර, සතියේ දිනවල දෛනික විදුලි අවශ්‍යතාව සඳහා ගිගාවොට් පැය 38ත් 40ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

ඉන්දික හේවාවිතාරණ