
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුගේ හිසට පහරදී ඔහු ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ ඝාතනය කර ඇත්තේ හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ වසර දෙකක පමණ කාලයක් මුරකරු වශයෙන් සේවය කරමින් සිටි හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි එම්.ඊබ්‍රහිම් (67) යන සිව්දරු පියයි.
ජුම්මා පල්ලියේ තාප්පයෙන් පැන කිසියම් පුද්ගලයකු මුරකරු විවේක ගන්නා කාමරය වෙත ගොස් පසුව ඉන් පිටතට පැමිණ පල්ලියේ තිබු පිං කැටය කඩා එහි තුල තිබු මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් ජුම්මා පල්ලියේ අනුශාසන ඒ.ජේ.එම්.ෆාමිස් මහතා පැවසිය.
අවස්තා කිහිපයකදිම හැටන් ජුම්මා පල්ලියේ පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බවත්, ඉන් අනතුරුව එය රැක ගැනිම සදහා පල්ලියට මුරකරුවකුගේ සේවය යොදාගත් බවයි එම පල්ලියේ භාරකාර මණ්ඩලය කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval