
හංවැල්ල පොලිස් වසමේ පහළ හංවැල්ල, ආටිගල හා අවට ප්‍රදේශවල දැනට සති දෙකක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ සොර සතුරු බිය දැඩි ලෙස උග්‍ර වී ඇතැයි ප්‍රදේශවාසීහු දැඩි භීතියකින් යුතුව පවසා සිටිති.
ආටිගල, ලියන ගෙගම, තැඹිලියගම, සමරෙගම යන ප්‍රදේශවලත්, පහළ හංවැල්ල ප්‍රදේශයේත් මෙලෙස විවිධ පුද්ගලයන් රාත්‍රී කාලයේ සහ අලුයම නිවෙස්වල දොර අගුළු විවෘත කර, නිවෙස්වලට ඇතුළු වී භාණ්ඩ සහ මුදල් සොරකම් කරගෙන යන බව ඔවුහු පවසති.
මීට දින කීපයකට ඉහතදී පහළ හංවැල්ල ප්‍රදේශයේ අලුයම් කාලයේ මෙලෙස සැක කටයුතු පුද්ගලයකු ප්‍රදේශවාසීන් අල්ලාගෙන හංවැල්ල පොලිසියට භාර දී ඇතැයි ද පැවැසේ.
එම පුද්ගලයන්ගේ ඡායාරූප අන්තර්ජාලය මගින් දැකීමේදී, ඔවුන් දිවා කාලයේ පොල් කැඩීම හා තැඹිලි කැපීම වැනි කාර්යයන් සඳහා ගම්වලට පැමිණ, අවශ්‍ය තොරතුරු ලබාගෙන රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වී මෙලෙස සොරකම් කිරීම සිදු කරන බව ද ඔවුහු පවසති.
එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු කාලවල මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව පවසන ප්‍රදේශයේ ජනතාව, මේ වනවිට ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ආරක්ෂක කමිටුවල ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හා ග්‍රාමීය මට්ටමෙන් මුර සංචාරක කටයුතු සිදු කිරීමට වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතු යැයි ඔවුහු පවසා සිටිති.
පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval