
‘ජෙමිනිඩ්ස්’ උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට හෙට (14 වැනිදා) දැකගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ කියා සිටියේ හෙට (14 වැනිදා) රාත්‍රි 09.00න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකි බවයි.
‘ජෙමිනිඩ්ස්’ උල්කාපාත වර්ෂාව දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකේ. පෘථිවිය පයිතන් ග්‍රාහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමේදී ග්‍රාහක කොටස් වායුගෝලය සමග ගැටීම හේතුවෙන් ‘ජෙමිනිඩ්ස්’ උල්කාපාත වර්ෂාව දැකගත හැකි වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
අශිකා ජයවීර
Comments
Post a Comment
Your comment will be visible after approval