
කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සිවුවැනි මහලේ ශ්‍රවණගාරයේ තිබූ පුටු හයක් සොරාගෙන යෑමට උත්සාහ කළේ යැයි කියන එම ශ්‍රවණගාරය භාරව කටයුතු කරන සංවර්ධන නිලධාරියා පසුගිය 9 දා සැකපිට අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා ශ්‍රවණාගාරයේ තිබූ පුටු දෙකක් යතුරුපැදියක බැඳගෙන රැගෙන යෑමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් දැක ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පලා ගොස් තිබිණි යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. පලාගොස් සැඟවී සිටි සැකකරු පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු විසින් සොරා ගන්නා ලදැයි කියන තවත් පුටු හතරක් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආසන්නයේ සඟවා තිබියදී සොයා ගත් බවද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය. පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval