
උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ T20 කණ්ඩායම්වල නායකත්ව භූමිකාවන් වෙනස් කිරීමට තීරණය කළ බව වාර්තා වේ.
වාර්තා වන අන්දමට ටෙස්ට් නායකයා ලෙස ධනංජය ද සිල්වා කටයුතු කිරීමට නියමිත අතර උපනායක ධූරය කුසල් මෙන්ඩිස්ට හිමිවේ.
එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරනු ඇති අතර උපනායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරනු ඇත. විස්සයි20 කණ්ඩායම් නායකත්වයට වනිඳු හසරංග පත්කිරීමට නියමිත අතර උපනායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබේ.
එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් අවසන් තීරණ ලබන සඳුදා පැවැත්වීමට නියමිත මීළඟ තේරීම් කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම තීරණාත්මක රැස්වීමේදී නව නායකයන්ට කමිටුව අනුමැතිය ලබාදීමද සිදුවනු ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval