
අධිකරණවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (30) සඳහන් කළේය.
කාඩ්පත් මගින් සිදුකළ හැකි ගෙවීම් (Pos machine) ක්‍රමය අධිකරණය පද්ධතිය වෙත හඳුන්වාදීම සඳහා මහජන බැංකුව සමග ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමින් අධිකරණ ඇමැතිවරයා එම අදහස් පළ කළේය.
‘අධිකරණය යනු බියෙන් හා සැකෙන් යා යුතු තැනක් නොවෙයි. අධිකරණයන් වෙත සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වන සියලුම පුද්ගලයන් වැරදිකරුවන් නොවෙයි. සාක්ෂිකරුවන් යනු අධිකරණ ක්‍රියාවලිය සඳහා සහාය වන පුරවැසියන් වනවා. එම නිසා කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ ‘කූඩු ක්‍රමය’ වෙනස් කර සාක්ෂිකරුවකුට ගෞරවනීය ආකාරයෙන් සාක්ෂි ලබාදීමට හැකි ක්‍රමයක් මේ වසර අවසානයට පෙර ආරම්භ කරනවා.’ යැයි අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval