
බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුළත පාලනය කිරීමට අදාළ කර්මාන්තකරුවන් පියවර නොගතහොත් රජය ඊට මුහුණ දීම සදහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.ඒ අනුව ඉදිරි මාස තුනකට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර බිත්තර සඳහා පාලන මිලක් පැනවීමට ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය
යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාම සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් කුකුළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
බිත්තරයක් සඳහා වැය වන නිෂ්පාදන වියදම රුපියල් 20ක් පමණ වන බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන් පවසා ඇතැයි කී අමාත්‍යවරයා එහෙත් මේ වනවිට වෙළෙඳ පළේ බිත්තරයක මිල රුපියල් 65දක්වා ඉහළ දමා ඇතැයි කීය. කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීම කෘත්‍රිමව සිදුකළ එකක් බව සඳහන් කළ අමාත්‍යවරයා එම නිෂ්පාදනවලින් අයුතු ලෙස පාරිභෝගිකයා ගසා කෑමට මෙම ව්‍යාපාරිකයන්ට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval