
ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පවතින හෙයින් ශ්‍රී ලංකාවේ කොවිඩ් පැතිරීම ගැන මේ අවස්ථාවේදී විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බව ඔහු සඳහන් කලේය.
මේ තත්වය සැලකිල්ලට ගෙන වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින අය නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව මහාචාර්යවරයා පවසයි.
උණ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික උණ තත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇතිවීමේ ප්‍රවණතා මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ බව ප්‍රකාශ කළ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා මෙවැනි රෝග ලක්ෂණ ඇත් නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනිම වැදගත් බව සඳහන් කලේය.
කොව්ඩ් එන්නත ලබාදීමේ වැඩ පිළිවෙල තවමත් ක්‍රියාත්මක වන හෙයින් අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත
ගැනීම වැදගත් බවද චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඉන්දියාවේ කොචි නගරයේ ඉන්ෆ්ලූවන්සා රෝගයට සමාන රෝග තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් පරීක්ෂා කරන ලද රෝගීන්ගෙන් සියයට තිහකට මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කලේය.
Comments
Post a Comment
Your comment will be visible after approval