
ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලිය (WPL) සඳහා වූ වෙන්දේසිය පෙරේදා (09දා) ඉන්දියාවේ මුම්බායිහිදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය. මෙම වෙන්දේසියට මුම්බායි ඉන්දියන්ස් නිත්‍ය පුහුණුකරු ශ්‍රී ලංකා හිටපු නායක මෙන්ම ජාතික කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධනද සිටියදී ඇයව අලෙවි නොවීම සුවිශේෂීය.
නිමා වූ ඔස්ට්‍රේලියානු බිග් බෑග් ලීගයේ (WBBL) චමරි දෙවැනි ඉහළම ලකුණුලාභිනිය බවට පත් වූ අතර, එහිදී ඇය ඉනිම 14කදී ලකුණු 552ක් රැස් කළාය. පිත්තෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද එහිදී ඇය දක්‍ෂතා දැක්වූවාය.
එනිසාම චමරි මෙම වෙන්දේසියේදී ඉහළම වටිනාකමකට අලෙවි වන ක්‍රීඩිකාව ඇය වනු ඇතැයි විදෙස් මාධ්‍යයන් පවා වෙන්දේසියට පෙර මත පළ කර තිබිණි. කෙසේ නමුත් ඇය තෝරා නොගැනීමෙන් පසු ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, පිට පිටම දෙවැනි වරටත් ශ්‍රී ලංකා නායිකාවගේ ගිනිකෙළි දකින්න නොලැබන බවයි.
මෑත කාලයේ ශ්‍රී ලංකාව මෙන්ම බිග් බෑෂ් ලීගය අලෝකමත් කළ ඇයව කිසිදු කණ්ඩායමක් මිලදී නොගැනීම විශාල පුදුමයක් බවද, ඇය වැනි ගුණාත්මකභාවයෙන් යුත් ක්‍රීඩිකාවකට අයි.පී.එල්. අහිමිවීම ප්‍රශ්නසහගත බවද වාර්තා කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval