
මෙම වර්ෂය සදහා ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට ප්‍රසාද දීමනා හෝ අනෙකුත් දීමනා නොගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊට අදාළ උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම වසර තුනකට වරක් සිදුකරන 25'ක වැටුප් වර්ධකද ක්‍රියාත්මක නොකරන ලෙස අමාත්‍යවරයා තවදුරටත් උපදෙස් ලබාදී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.ලංවිම නිලධාරින්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳ තොරතුරු හා නිලධාරීන් කුලියට ගෙන ඇති වාහන හා කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිගෙන් ඉල්ලා ඇති බව ද සදහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval