
බොරලැස්ගමුව ප්‍රදේශයේ නවාතැන් පොළකට පෙරේදා (25) පැමිණි යුවලක පිරිමියා හදිසියේ මිය යෑමෙන් පසුවකාන්තාව එම ස්ථානයෙන් හොර රහසේම පලාගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතා පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වේරහැර, බොරලැස්ගමුව, බෝධිරාජපුර පදිංචිකරුවකු වූ අසංක උදය කපුගම (45) නමැත්තාය. මේ දෙදෙනා නත්තල් දින සවස 1.30ට පමණ එම නවාතැන් පොළට පැමිණ කාමරයක් වෙන්කර ගෙන සිටිය දී සවස 4.30ට පමණ පිරිමියා හදිසියේ අසනීප වී ඇති බව කාන්තාව හෝටල් කළමනාකාරිත්වයට දැනුම් දී ඇත.
ඒ අනුව කළමනාකරු පැමිණ පරීක්ෂාවට ලක් කරන විටදී එම පුද්ගලයා මිය ගොස් ඇති බව දැනගෙන බොරලැස්ගමුව පොලිසියට දන්වා ගිලන් රථයක් ද සමග පැමිණෙන විට ද එම කාන්තාව ඒ ස්ථානයෙන් පලා ගොස් සිටි බව පොලිසිය පවසයි.
දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා ස්ථානීය පරීක්ෂණය කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට රැගෙන යෑමට පොලිසියට උපදෙස් ලබා දී ඇත.අධිකරණ වෛද්‍ය නිලධාරී චමාලි අබේසේකර මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය කර විවෘත තීන්දුවක් දී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
එච්.එම්. ධර්මපාල
Comments
Post a Comment
Your comment will be visible after approval