
හාලි ඇල - දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ උඩුවර ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අද (09) දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.
ඒ අනුව කොළඹ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නතර කල අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට තිබු උඩරට දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ නතර කරන ලදී.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ මාර්ගය යථා තත්වයට පත් කිරීමට පැය තුනක පමණ කාලයක් ගතවන ඇතර ඉන්පසු දුම්රිය ගමන් ආරම්භ කරන බවයි.
වාර්තාව - සුපුන් මධුශංක

Comments
Post a Comment
Your comment will be visible after approval