
මහරගම, කටුවාවල ප්‍රදේශයේ කුලී පදනම ම ත ලබා ගත් නිවසක සිටි කාන්තාවක හදිසියේ නිවස තුළම මියයාම සම්බන්ධයෙන් සැක සහිත බවට මියගිය කාන්තාවගේ දරුවකු සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කළ බව මහරගම පොලිසිය පවසයි.අදාළ කාන්තාව මිය ගිය දිනයේදී ඇයගේ කාමරය අවුස්සා දමා තිබීම සම්බන්ධයෙන් සැක සහිත බවට එම ඥාතීන් සිදුකළ පැමිණිල්ලෙහි සඳහන් බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් තිබුණේ මහරගම, කටුවාවල, නාගහවත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක පදිංචිව සිටි කළුතන්ත්‍රීගේ චිත්‍රා පද්මකාන්ති නමැති 74 හැවිරිදි දෙදරු මවකි. මියගිය කාන්තාවගේ දියණියක ප්‍රංශයේ රැකියාවක නිරත බවත් තවත් පුතකු සමග ඇය මෙම කුලී නිවසේ පදිංචිව සිට ඇති බවත් කරුණු අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.
කේ. බුද්ධික කුමාරසිරි
Comments
Post a Comment
Your comment will be visible after approval