
මෝටර් රථයක සිටි කුරුඳුවත්තේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකට හස්ත සංඥා මගින් ලිංගික අතවරයක් කරන ලදැයි පෞද්ගලික බස් රථ රියැදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට ඊයේ (12 වැනිදා) දන්වා සිටියේය.
සැකකාර බස් රථ රියැදුරු ගමන් කරමින් තිබූ බස් රථයේ සිටිමින් මෝටර් රථයේ සිටි පැමිණිලිකාර කාන්තාවට හස්ත සංඥා මගින් (දෙඅත් මගින් කරන සංඥාවක් මගින්) ලිංගික අතරවයක් කර ඇතැයි බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා සිටියේය.
මෙලෙස අත්අඩංගුවට ගත් 138 මාර්ගයේ බස් රථ රියැදුරකු වන බෙංගමුව, තැන්නහේන පදිචි කණ්ඩම්බිගේ සුදන්ත ප්‍රියංකර නමැති සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන නියෝග කළේය.
සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා බම්බලපිටිය පොලිසියට නියම කළේය.
බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල්ගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා තිබුණි.
ඉෂාර රත්නකාර
Comments
Post a Comment
Your comment will be visible after approval