
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ව න ආමි අසංක නමැත්තා නීති විරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන දේපළ සොයා ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳ ඊයේ (20) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී අධි සුඛෝපභෝගී මහල් ගොඩනැගිලි දෙකක් සොයාගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
එම සුඛෝපභෝගී ගොඩනැගිලිවලට අමතරව පවුම් පනහක් බරැති රන්ආභරණ මුදලින් රුපියල් 123,000ක් සහ ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්, ස්කූටර් දෙකක්, ඉඩම් හතරක ඔප්පු සහ පර්චස් 10ක ඉඩමක ඔප්පුවක් පොලිස් බාරයට ගත් බවද එම කොට්ඨාසය සඳහන් කරයි.එම ගොඩනැගිලිවලට මුදා තැබූ බව ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. මෙම වැටලීම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය, විශේෂ කාර්ය බළකාය හා කහතුඩුව පොලිසිය එක්ව සිදුකර තිබිණි. අත්අඩංගුවට ගත් සැකකාරිය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය සිටියාය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval